AJAX and APIs

මම කොහොමද AJAX call එකක් යවන්නේ?

ඔබට පුළුවන් ඔබ කැමති ඕනෙම AJAX library එකක් React සමග පාවිචි කරන්න. සමහර ප්‍රසිද්ධ ඒවා නම් Axios, jQuery AJAX, සහ browser තුල ඉදිකර ඇති window.fetch.

component lifecycle ඒකේ කොතනදිද මම AJAX call එකක් යැවිය යුත්තේ?

ඔබ AJAX calls එකක් සමග දත්ත ලබා ගත යුත්තේ componentDidMount lifecycle method එක තුලය. මෙම නිසා ඔබට දත්ත ලැබුනු පසුව setState මගින් component එක යාවත්කාලීන කල හැකිය.

උදාහරණය: AJAX ප්‍රතිපල මගින් local state එක සැකසීම.

componentDidMount එක තුල සිට AJAX call එකක් මගින් local component state එකේ දත්ත සැකසීම පහල component එකෙන් පෙන්වා දෙයි.

උදාහරණයට දී ඇති API එක තුලින් මේවැනි JSON object එකක් ලබා ගත හැක:

{
  "items": [
    { "id": 1, "name": "Apples",  "price": "$2" },
    { "id": 2, "name": "Peaches", "price": "$5" }
  ] 
}
class MyComponent extends React.Component {
  constructor(props) {
    super(props);
    this.state = {
      error: null,
      isLoaded: false,
      items: []
    };
  }

  componentDidMount() {
    fetch("https://api.example.com/items")
      .then(res => res.json())
      .then(
        (result) => {
          this.setState({
            isLoaded: true,
            items: result.items
          });
        },
        // Note: it's important to handle errors here
        // instead of a catch() block so that we don't swallow
        // exceptions from actual bugs in components.
        (error) => {
          this.setState({
            isLoaded: true,
            error
          });
        }
      )
  }

  render() {
    const { error, isLoaded, items } = this.state;
    if (error) {
      return <div>Error: {error.message}</div>;
    } else if (!isLoaded) {
      return <div>Loading...</div>;
    } else {
      return (
        <ul>
          {items.map(item => (
            <li key={item.name}>
              {item.name} {item.price}
            </li>
          ))}
        </ul>
      );
    }
  }
}